මුත්‍රා පිටකළ පසු පෙණ ගතියෙන් යුක්තද? වකුගඩු රෝගයක පෙර නිමිත්තක්.


අපි වතුර බොන්නේ කැම කන්නේ පිළිවෙළකට නම් ලෙඩ රෝග බොහොමයක් අඩුයි. සීනි වැඩිපුර කෑවොත් සීනි වැඩිවෙලා දිවැඩියාව හැදෙනවා. තෙල් වැඩිපුර කෑවොත් කොලෙස්ටරෝල් වැඩිවෙනවා. මේ වගේ දේවල් දැන් දැන් අපේ සාමාන්‍ය ජිවිතයේ අහලා දැකලා කියලා පුරුදු දේවල්.

නමුත් සිරුරේ ප්‍රෝටිින් වැඩිවෙන විට වකුගඩු දෙක නරක් වෙන බව බොහෝ දෙනා දන්නේ නැහැ. ඒ නිසා ප්‍රෝටින් ආහාර අඩුවෙන් ගන්න ඕනෙ වැනි සිතිවිල්ලක් කාට හෝ ඇත්නම් එය වැරදි සිතිවිල්ලක්. මහනුවර මහා රෝහලේ වකුගඩු ඒකකයේ විශේෂඥ වෛද්‍ය නිශාන්ත නානායක්කාර මහතා ඒ පිළිබඳව විස්තර කෙළේ මෙලෙසින්.

මිනිසාගේ වෘක්කානුවලින් කෙරෙන්නේ ගුච්ජිකා පෙරනය හරහා අනවශ්‍ය දේ පෙරා පිට කිරීමයි. ඒ හරහා ඇල්බියුමින් සහ ග්ලොබියුලින් එකතුව සැදෙන ප්‍රෝටීන පිටවිම සාමාන්‍ය සංසිද්ධියක්. මේ කියන ප්‍රෝටින කෑමෙන් බිමෙන් අඩු වැඩි වන ඒවා නොවෙයි. දියවැඩියාව සහ අප මීට පෙර කතා කළ වකුගඩු ආසදන තත්ත්වයන්වලදි ප්‍රෝටීන් පිටවීම වැඩිවිය හැකියි.

සාමාන්‍යයෙන් කිසිම පුද්ගලයෙක්, නිරෝගීිව එදිනෙදා කටයුතු සිදු කරමින් සිටින, සාමාන්‍ය ජිවිතයේදී, කිසිම වේලාවක මුත්‍රා පිටකළ පසුව ඒ ගැන විපරමින් බලන්නේ නැහැ. දියවැඩියාව සිරුර තුළ තිබෙන බව නොදැන කාලයක් ගතවනවා සේම මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවන බව නොදැන රෝගය උත්සන්න වනතුරුම සිටි පුද්ගලයින් අපට සායනවලදි මුණ ගැසී තිබෙනවා. සාමාන්‍ය නිරෝගි පුද්ගලයෙකුගේ දිනකදි මුත්‍රා පිට වීමත් සමඟ ග්රෑම් 3 කට වඩා අඩුවෙන් ප්‍රෝටීන් පිට වෙනවා.

නමුත් ග්රෑම් 3 කට වඩා වැඩියෙන් ප්‍රෝටීන් පිටවීම රෝගී තත්ත්වයක්. එය තහවුරු කර ගත හැක්කේ රසායනාගාර පරික්ෂණයකින් පමණයි. ඒ හැරුණුු විට මුත්‍රා පිට කිරීමෙන් පසුව පෙණ සහිත ස්වභාවයක් තිබේ නම් එය ප්‍රෝටීන් වැඩිපුර පිටවීම පියවි දෑසට පෙන්වන එක් අවස්ථාවක්.

දියවැඩියා තිබෙන පුද්ගලයෙකු රෝගීි තත්ත්වය නිසිලෙස පාලනය නොකළ විට මුත්‍රා සමඟ ප්‍රෝටීන් පිටවීම ඉතා වැඩියි. ඒ හේතුවෙන් ගුච්ජිකා පෙරණයේ ඇති කු ඩා සිදුරු විශාල වෙනවා. එම විශාල විම මත වෘක්කානු දිනෙන් දින රෝගීි වී දුර්වල වෙනවා. මේ තත්ත්වය මයික්‍රෝ ඇල්බියුමින් යුරියා තත්ත්වය ලෙස හඳුන්වනවා. සිදුරු ක්‍රම ක්‍රමයෙන් විශාල වන තතත්වය මැක්රෝ ඇල්බියුමින් යූුරියා ලෙස හඳුන්වනවා. මෙම තත්ත්වයන් ඇතැයි හඳුනාගත් පිරිස 20% ත් 30%ත් අතර ප්‍රමාණයක් පමණක් වන අතර 70% ක් පමණ රෝගය ඇතිබව දන්නේ නැහැ.

පෙන ස්වභාවයෙන් රෝගීි තත්ත්වය අනුමාන නොකළ විටෙක අහම්බෙන් රෝගය ඇතැයි හඳුනාගන්නා අවස්ථා ලෙස රියදුරු යෝග්‍යතා වෛද්‍ය පරිික්ෂණය, රැකියා අවස්ථාවකට ප්‍රවිශ්ඨ විමේ වෛද්‍ය පරීක්ෂණය, රක්ෂණාවරණයක් සඳහා වන වෛද්‍ය පරික්ෂණයකදී හෝ අහඹු ලෙස සිදු කරන වෛද්‍ය පරීක්ෂණ ආදිය දැක්විය හැකිය.

මෙම අවස්ථා මඟහැරුණුු අය අතරින් සමහරු මෙම රෝගීි ත්ත්වයෙන් පෙනෙන්නේ යැයි සැක සහිත නම් රසායනාකාර පරික්ෂණයක් වෙත යොමු වී ප්‍රතිකාර ගැනීමෙන් එයින් නිට්ටාවට සුව විය හැකියි.

උපුටා ගැනීම දිනමින

Share This Article

Back