බදුල්ල රාත්රී තැපැල් දුම්රිය පීලි පනියි
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1045 දරන රාත්රි තැපැල් දුම්රිය අද (29) හාලිඇල බදුල්ල දුම්රිය ස්ථාන අතර දි පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව තිබු බව දුම්රිය පාලක මැදිරිය පවසයි .
මෙම අංක 1045 දරන රාත්රි තැපැල් දුම්රිය හාලිඇල දුම්රිය ස්ථාන පසුකර උඩරට දුම්රිය මාර්ගයේ අවසන් දුම්රිය ස්ථානය වන බදුල්ල දුම්රිය ස්ථානය කරා ලගාවෙමින් තිබියදී එන්ජින් දෙකකින් සමන්විත රාත්රි තැපැල් දුම්රියේ ඉදිරිපස දුම්රිය එන්ජිම මෙසේ පිලීපැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය .
මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත ඇල්ල ඔඩිසි , පොඩිමැණිකේ, පෙරවරු අංක 1008 විශේෂ සීඝ්රගාමී දුම්රිය ඇතුළු දුම්රියන් ප්රමාද වී ධාවනය කැරෙන බවත් , පිලීපැනීමට ලක්ව ඇති දුම්රිය එන්ජිම පිළීගත කිරිමට බදුල්ල දුම්රිය ස්ථානයේ සිට සේවක පිරිස් පිටත් කර යැවීමට කටයුතු කල බවත් දුම්රිය පාලන මැදිරිය වැඩිදුරටත් සදහන් කලේය .
මෙම අංක 1045 දරන රාත්රි තැපැල් දුම්රියේන් උඩුවර ප්රදේශයේ සිට බදුල්ලට චාරිකාවක් යමින් සිටි පාසල් සිසු සිසුවියන් පිරිසක් ද පැමිණ අපහසුතාවට පත්ව දුම්රියේන් බැස එගොඩගම දෙසින් හාලිඇල නගරය ට පාගමනින් ගොස් බස් රථ වල නැගි ගියහ .
ඇල්ල ප්රසාද් රුක්මාල්
29/04/2025