නොරිකෝ සං
ෆුජි යාමා කන්ද පාමුල
මෙපල් පත් අතර
ඉදහට වැටෙන වැස්සට
සරත් ඍතුවෙ අපි තෙමුනා නම්
ප්ලම්ප් මලින් විකසිත වූ
පීච් ගස් මලින් බර වූ
සුමුදු රෝස චෙරි මල් මත
වසන්තයේ ගී ගැයුවේ අපි දෙන්නා නම්
හිරු නැගෙනා ෂෝකාවෙදි
කාමෝනාව නුඹ ඇදගෙන
පුංචි කුඩය යටට වෙලා
ශ්රීෂ්මයේ ඇවිද යන්න අපි උන්නා නම්
ගෙන්කන් මත හිදගෙන මම
හිම වැටෙනා හැන්දෑවක
බලා හිදිමි ඔබ එනතුරු
ශීත ඍතුවෙ නොරිකෝ සං නුධ එනවා නම්
තරූ
Back