උනුත් මිනිසුන්ය මෙදියත වැඩ වෙසෙන

කහවනු වැසි දෑසෙහි දිලි දිලි පේන නෙලා ගන්න දෑතම දෙව් ලොව පාන හදවත කකියවා රුහිරය කළඹවන මතු වුනු ඩා බිඳු මුතු මිණි පැරදවින කැත්තෙන් උදැල්ලෙන් නැග එන බොල් හඬින ඇත්තෙන් ඇති එකා මිහි මත බත රකින කෙතේ බැතේ හේනේ පැල් කවි කියන ගතේ සිතේ රැඳි දාහය ඉන් සිඳින සුර පුර මවනු රිසියෙන් කුණු කඳු අදින සොච්චම් පඩි පතට මහ මඟ දුක් විඳින කඹුරන හැටි බලන් පූරුවේ කළ පවින දෙවියන් උන් නොවෙද මෙදියත වැඩ වෙසෙන කඳුකර ශීතලේ හැපි තේ දළු නෙලන වගුරන කඳුළු වැල් බී කුස ගිනි නිවන සිඳ බිඳ දැමූ කඩමළු හැඳ විළි වසන ඉඳුවර සුර ලොවේ සිටවත් නැත බලන රන් සළු වියා රන් කහවණු සොයා යන සුන් කළ පැතුම් මල් සිත් යට වසාගෙන පුන් සඳ වසා පින් නැති වුන නිසාවෙන සන්නාලියන් කම්හල්වල ඉකි බිඳින කහවණු සොයා සයුරෙන් එතෙරට වඩින එසවුණු දෙපා සිටුවරු ලඟ වැඳ වැටුන බිළිඳුන් හඩනවිට මව්වරු හද දවන පියවුනු දෙනෙත්වල පාපය දිය කෙරින "ස්වර්ණ පන්හිඳ" කේ. එම්. එස්. කුමාර, සංස්කෘතික නිළධාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. කතරගම.

Share This Article

Back