පිරිමින්ට වඩා කාන්තාවන්ට හැදෙන මුත්‍රා දැවිල්ල

පිරිමි පාර්ශවයට වඩා කාන්තා පාර්ශවයට වැඩිපුර මුහුණ දීමට සිදුවන රෝග තත්ත්වයක් ලෙස මුත්‍රා දාහය හැඳින්විය හැකියි. කාන්තාවන්ගේ ශරීර සැකැස්ම අනුව මුත්‍රා පද්ධතිය පිහිටා තිබෙන ආකාරය මෙයට හේතු වේ. මෙහිදී දාහය සහිතව ස්වල්ප වශයෙන් මුත්‍රා පිටවීම වැනි වේදනාත්මක සහ අපහසු අත්දැකීමක් විඳින්නට සිදු වේ. මෙම තත්ත්වයට වැඩි වශයෙන් ලක්විය හැකි පාර්ශවයන් වන්නේ උෂ්ණ අධික ආහාර රටාවකට පුරුදුව සිටින අයයි. එමෙන්ම මෙය ගර්භිනී කාන්තාවන්ට, ප්‍රතිශක්ති ඌණතා සහිත පුද්ගලයන්ට, දිය වැඩියාවට ගොදුරු වූ රෝගීන්ට, මලබද්ධය ඇති පුද්ගලයන්ට, මුත්‍රා බට යෙදූ පුද්ගලයන්ට, මුත්‍රා පද්ධතියේ රෝග තත්ත්ව ඇති අයටද ඇතිවිය හැකියි. එමෙන්ම ජලය හොඳින් පානය නොකිරීම, මුත්‍රාශ්‍රය අවට නිසිලෙස පිරිසිදුව තබා නොගැනීම, දීර්ඝ ගමන් යාමේදී මුත්‍රා බර දරා සිටීම, පුරුද්දක් ලෙස මුත්‍රා බර දරා සිටීම වැනි හේතු නිසා මුත්‍රා දාහය ඇතිවිය හැකියි.මෙම රෝග තත්ත්වය ඇති වූ විට,
- නිතර නිතර මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වන අතර දාහය සහිතව මුත්‍රා පිට වේ.
- එමෙන්ම ඇතැම් අයට මුත්‍රා වල පැහය වෙනස් වීම, මුත්‍රා සමඟ ලේ, සැරව පිට වීමද සිදුවිය හැකියි.
- වයසක අයට මුත්‍රා දාහය ඇති වූ විට නොදැනී මුත්‍රා පිටවීම සිදු විය හැකියි.
- කුඩා දරුවන් මුත්‍රා පිට කිරීමෙන් පසු හැඬීම, ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම, උණ ඇතිවීම දක්නට ලැබේ නම් කුඩා දරුවන්ට මුත්‍රා දාහය ඇතිවී ඇත්දැයි සැක පළ කළ හැකියි.
- තැඹිලි වතුර, කුරුම්බා වතුර පාන වර්ග ගැනීම ඉතා ගුණදායක වේ.
- බෙලිමල් තම්බා පානයට එක් කර ගැනීම,
- රණවරා මල්,පොතු, එකට තම්බා පානය කිරීම,
- කොත්තමල්ලි තම්බා පානය කිරීම සිදු කළ හැකියි.
- එමෙන්ම තැඹිලි ගෙඩියක් ගෙන එහි ඇස්ස කපා ඒ තුළට කොත්තමල්ලි ටිකක් එක් කර රැයක් තබා උදේ හිස්බඩ පානය කිරීම ඉතා සුදුසුයි. එමඟින් මුත්‍රා පද්ධතිය පිරිසිදු වන අතර සුවදායී හැඟීමක් ඔබට ඇති වේ.
- එමෙන්ම අස්වැන්න නැමැති ඖෂධය සමඟ පොල්පලා තම්බා පානය කිරීම.
- පුහුල් දඬු යුෂ පානය කිරීම.
- හාතාවාරිය අල කොටා එහි යුෂ ගෙන එයට මී පැණි මේස හැන්දක් දමා පානය කිරීම ඉතා සුදුසුයි.
Back